ඔබේ හඬ වැදගත් වේ
ඔබ ප්‍රසිද්ධියේ ලිංගික හිරිහැර අත්විඳ තිබේද?
එය ඔබ පමණක් නොවේ. බොහෝ කාන්තාවන් එදිනෙදා ස්ථානවල—වීදියේ, බස් රථයේ, උද්‍යානයේ හෝ සේවා ස්ථානයේ—හිංසා සහගත අදහස්, ඇඟවීම් සහ ක්‍රියාවන්ට මුහුණ දෙති. මෙම අත්දැකීම් නොසන්සුන් සහ කම්පන සහගත විය හැකිය. ඔබගේ කතාව බෙදාගැනීමෙන්, මෙම ගැටලුවල පැතිරීම ඉස්මතු කිරීමට හා අන් අයට තනි වී නොමැති බව දැනෙන ලෙස උපකාරී විය හැකිය.
Your Story is saved and will appear when it is approve.
“මම ජනාකීර්ණ වෙළඳපොලක් හරහා යමින් සිටියදී මිනිසුන් කණ්ඩායමක්
මගේ බාහිර පෙනුම පිළිබඳව අසභ්‍ය ප්‍රකාශ කරන්න පටන් ගත්තා. මම ඒවා නොසලකා හැර දිගටම ඇවිද ගියා. නමුත් ඔවුන් මා පසුපස ඇවිත් දිගින් දිගටම අසභ්‍ය කතා පවසමින් සිනාවුණා. මට ඒ මොහොතේ දැඩි ලැජ්ජාවක් සහ අනාරක්ෂිත බවක් දැනුනා.”
“මම බස් එකක ගමනක් යද්දී මා අසල හිටපු පුද්ගලයෙක් ඔහුගේ කකුල මගේ කකුලේ ස්පර්ශ කරන්න ගත්තා. මම එතනින් අයින් වෙන්න හදපු හැම අවස්ථාවකම ඔහු මා අසලට ආවා. මම ඒ මොහොතේ හිර වෙලා හිටියේ.මට ලොකු බයක් දැනුනා. නමුත් කිසිම කෙනෙක් ඒ වෙලාවේ ඒ පිළිබඳව
සැලකිලිමත් බවක් දැක්වූයේ නෑ. මම බස් නැවතුමේදී බැහැලා ගියා. නමුත් මේ සිදුවීම දින ගණනක් යනකම් මාව අපහසුතාවයට පත් කළා.”
"සැණකෙළියකදී එක පුද්ගලයෙක් හිතාමතාම කිහිපවරක් මගේ ඇගේ ගෑවුණා. මුලින් මම හිතුවේ ගොඩාක් සෙනග හිටපු නිසා ඒක නොදැනුවත්වම සිදු වුණ
වැරැද්දක්ද කියලා. නමුත් ඔහු එක පාරටම මාව ඉනෙන් අල්ලාගෙන ඔහුගේ පැත්තට ඇදලා ගත්තා. මම ඉක්මනට එතනින් ඉවත් වෙලා මගේ යාලුවෝ ළඟට ගියා. ඒ සිදුවීම සතුටුදායක දවස විනාශ කළා."
"කාර්යාලයේ පැවති සාදයක දී මම යහලුවෙක් කියලා හිතාගෙන හිටපු
පුද්ගලයෙක් මම සාමාන්‍ය ජීවිතයේ දී අදින ඇදුම් ගැන නුසුදුසු අදහස් දක්වන්න පටන් ගත්තා. මුලදී ඔහු විහිලුවකට කියපු දෙයක් කියලා හිතලා ඒක ගැන ලොකු අවධානයක් දැක්වූයේ නෑ. නමුත් පස්සේ ඔහු facebook හරහා අමුතු
විදියේ පණිවිඩ මට එව්වා. මට බය හිතිලා මං ඒ කාර්යාලයෙනුත් ඉවත් උනා. නමුත් මම ඒ වෙලාවේ මං වෙනුවෙන් කතා කලා නම් හොදයි කියලා දැන් හිතෙනවා.”
"හවස වැඩ ඉවර කරලා සින්දුවක් අසමින් බස් නැවතුම්පලේ සිටිනකොට මට පෙනුනා එක පුද්ගලයෙක් පාරෙන් අනිත් පැත්තේ සිට මා දිහාම බලාගෙන
ඉන්නවා කියලා. මුලදි මං අහම්බෙන් වුණ දෙයක් කියලා හිතුවා. නමුත් මම බලන හැම වෙලාවකම ඔහු මා දිහා බලන් හිටියා. මට ඒක ලොකු
අපහසුතාවයක් වුණා. මම වෙන තැනකට ගියත් ඔහු නැවත ඇවිත් මා දිහා බලාගෙන හිටියා. අන්තිමට බස් එක ආපු නිසා මට සහනයක් දැනුනත් ඒ සිදුවීම නිසා මට බයක් සහ අනාරක්ෂිත බවක් දැනුනා.”
Previous slide
Next slide